Tuesday, April 10, 2012

TIK TIK TIK


 
 

සුරලොව මාකටින්

ඔන්න එකෝමත් එක රටක එක පුද්ගලයෙක් තනි ඇඳක තනියෙම ලාවට නින්දක් දාගෙන හිටියලු. එක පාරටම මිනිහට නින්දෙන් දෘශ්‍යමාන උනා දෙවඟනක්. වෙන කවුරුත් නෙවෙයි, මරණයට අධිපති දෙවඟන! නින්දෙන් දුටුව දෙව් දුව අපේ මෑන්ස්ට කියනවා, "දරුව, සුභ ආරංචියක් ඇත. තව වසර දහයක් යන තුරු නුඹට මරණය හිමි නොවේ. එතෙක් නුඹ කැමති තැනක සතුටින් සැරිසරනු!".
දේව වාක්‍යය ඉස් මුදුනින්ම පිළිගත්ත අපේ හාදයා එවෙලෙම පාරට බැහැලා ආතල් එකක් ගන්න පටන් ගත්තා විතරයි ඊට කලින් දවසේ යන්න තිබුන ටර්න් එක අද යමින් හිටිය ආචාරශීලී බස් එකක හැපුනා. මිනිහා එතැනම ඔන් ද ස්පොට්! පවු නොකරපු පිනට මිනිහට ඇදුනා ස්වීප් එක දිව්‍යලෝකේ යන්න වීසා නැතුව.
ෆස්ට් ටයිම් දිව්‍යලෝකේ ගිය නිසා මෑන්ස් කටත් ඇරන් ශ්‍රී විභූතිය බල බල යද්දි මෙන්න එනවා මරණයේ දෙව් දුව කැට් වෝක් එකක් දාගෙන. මෑන්ස් ටක් ගාලා දෙවඟන ළඟට දුවලා ගියා. මෑන්ස්ව අඳුනගත්ත දෙවඟනත් ලස්සන සිරික්කියක් දැම්මා.
"ඔබතුමී හරි නරකයි, ඇයි මට එදා බොරු කිව්වේ තව අවුරුදු දහයකට මං මැරෙන්නේ නෑ කියලා?" පොර ටිකක් අවුලෙන් වගේ ඇහුවා.
දෙවඟනත් උත්තර දුන්නා,
" සොරි පුතා. මාසේ ඉවරවෙන්නත් ළඟයි. මං තාම ටාගට් කවර් කරලා නෑ!"
ඔන්න ඔහොමයි දරුවනේ සුරලොව මාකටින්!

Thursday, April 5, 2012

Girl

*රසායනික නාමය : Girl

සංකේතය : Gl

පරමාණුක ස්කන්ධය : ඒක ගැන අහන්න හිතන්නවත් එපා

භෞතික ගුණ :
1.
ඕනෑම වේලාවක දුම් පිටවිය හැක.
2.
ආදරයෙන් අවධානය ලැබෙන විටදී ඉක්මනින් උණුවේ.
3.
වැරදි ලෙස පරිහරණයේදී තිත්ත රසක් ඇතිවේ.

රසායනික ගුණ :
1.
ප්‍රතික්‍රියා සීග්‍රතාව ඉහල අහයක් ගනී.
2.
උපරිම ලෙස අස්ථාවර වේ.
3.
රත්රන්, පැලැටිනම්, දියමන්ති, මැණික් සහ Branded වස්ත්‍ර සඳහා වේගයෙන් ප්‍රතික්‍රියා කරන අතර ඒවාට ඇති ආකර්ශන බලයද ඉහල වේ.

ස්වාභාවය :
1.
මුදල් නාස්ති කරයි.
2.
අතහැර දමා ඇති අවස්ථාවලදී දැඩි ශබ්දයක් නඟමින් ස්ඵෝටනය වේ.

භෞතික අවස්ථාවේදී සොයාගත හැකි ස්ථානය : කැඩපත ඉදිරියේ