Tuesday, April 10, 2012

සුරලොව මාකටින්

ඔන්න එකෝමත් එක රටක එක පුද්ගලයෙක් තනි ඇඳක තනියෙම ලාවට නින්දක් දාගෙන හිටියලු. එක පාරටම මිනිහට නින්දෙන් දෘශ්‍යමාන උනා දෙවඟනක්. වෙන කවුරුත් නෙවෙයි, මරණයට අධිපති දෙවඟන! නින්දෙන් දුටුව දෙව් දුව අපේ මෑන්ස්ට කියනවා, "දරුව, සුභ ආරංචියක් ඇත. තව වසර දහයක් යන තුරු නුඹට මරණය හිමි නොවේ. එතෙක් නුඹ කැමති තැනක සතුටින් සැරිසරනු!".
දේව වාක්‍යය ඉස් මුදුනින්ම පිළිගත්ත අපේ හාදයා එවෙලෙම පාරට බැහැලා ආතල් එකක් ගන්න පටන් ගත්තා විතරයි ඊට කලින් දවසේ යන්න තිබුන ටර්න් එක අද යමින් හිටිය ආචාරශීලී බස් එකක හැපුනා. මිනිහා එතැනම ඔන් ද ස්පොට්! පවු නොකරපු පිනට මිනිහට ඇදුනා ස්වීප් එක දිව්‍යලෝකේ යන්න වීසා නැතුව.
ෆස්ට් ටයිම් දිව්‍යලෝකේ ගිය නිසා මෑන්ස් කටත් ඇරන් ශ්‍රී විභූතිය බල බල යද්දි මෙන්න එනවා මරණයේ දෙව් දුව කැට් වෝක් එකක් දාගෙන. මෑන්ස් ටක් ගාලා දෙවඟන ළඟට දුවලා ගියා. මෑන්ස්ව අඳුනගත්ත දෙවඟනත් ලස්සන සිරික්කියක් දැම්මා.
"ඔබතුමී හරි නරකයි, ඇයි මට එදා බොරු කිව්වේ තව අවුරුදු දහයකට මං මැරෙන්නේ නෑ කියලා?" පොර ටිකක් අවුලෙන් වගේ ඇහුවා.
දෙවඟනත් උත්තර දුන්නා,
" සොරි පුතා. මාසේ ඉවරවෙන්නත් ළඟයි. මං තාම ටාගට් කවර් කරලා නෑ!"
ඔන්න ඔහොමයි දරුවනේ සුරලොව මාකටින්!

No comments:

Post a Comment