Tuesday, March 27, 2012

කාලයේ වෙනස...................


එකල්

ගුත්තිලයන්ගේ සුමිහිරි වීනා නාදයෙන් මත් වූ

මව්වරු



නොදනිත් දරුවන් ඇකයෙන් වැටුනා..!


කා

යා
ගේ


වෑ
මෙ
න්


මෙකල්

මහගෙදර රූපවාහිනී බොළඳ පෙම් ජවනිකාවට ලොල් වූ

මව්වරු



නොදනිත් සූප්පු ගුදයට ගැහුවා..!

Friday, March 23, 2012

ගමයා එයිද?

හාමිනේ….ගමයා එයිද?

ඔන්න එකමත් එක කාලෙක, එකමත් එක රටක ඩොටේ තියෙන ගමක ගමරාල කෙනෙකුයි, ගමහාමිනේ කෙනෙකුයි සතුටින් ජීවත් උනාලු.දවසක් ගමයට පොඩි වැඩකට ලඟම ටවුමට යන්න උනාලු.ලඟම ටවුම උනාට ගිහින් එන්න දවසක් විතර යනවලු.ඉතින් ගමයා උදේම ලෑස්ති වෙලා යන්න කලින් හාමිනේට ඇඩ්වයිස් පාරක් එහෙම දැම්මලු පරිස්සමෙන් ඉන්න කියලා. "මං එනකොට රෑ වෙයි. ඔහේ කාලා බීලා දොර හොඳට වහගෙන ඉන්නවා" කියලා හීනියට උම්මා එකකුත් දීලා පොර පාරට බැස්සලු.
ගමයා ගිහින් පැය දෙක තුනකට පස්සේ කොහේවත් නැති මහා වැස්සක් ගමට පාත් උනා. කරුමේ කියන්නේ ගමයා කුඩේ අරන් ගියෙත් නෑ වහින එකක් නෑ කියලා. වැස්සත් නවතින පාටක් නෑ, වෙලාවත් ගතවෙලා හවස 5 විතර උනා. වැස්ස හින්දා එලියට වෙලා වැඩක් පලක් කරගන්නත් බැරි නිසා හාමිනෙත් හිටියේ ඇඳට වෙලා හොඳට ගුලිවෙලයි.මේ වෙලාවේ හාමිනේට ඇහෙනවා දොරට තට්ටු කරන සද්දයක්. ගමයගේ තට්ටුව ගැන හොඳ හැටි දන්න හාමිනේට තේරුනා මේ නම් ගමයා නෙවෙයි කියලා. ඒත් ඉතින් ටකරමට මෝටාර් ගහනවා වගේ මහ වැස්සක කවුරු උනත් තට්ටු කරන්නේ කරදරයකට වෙන්න ඇති කියලා හාමිනේගේ ළය උනු උනා. හාමිනේ දොර ඇරලා බැලුවා කවුද මේ කියලා.
"අනේ හාමිනේ,මං අහිංසක දර කපන්නෙක්. කැලේ දර කප කප ඉද්දි මේ මහ වැස්සට සෙටමෝල් උනේ. වැස්ස පායනකම් මං මේ පිලට වෙලා ඉන්නද?" දොරට තට්ටු කරපු එකා අහපි. හාමිනෙත් පව් අහිංසකයා කියලා රික්වෙස්ට් එක ඕකේ කලා. වෙලාව 6ත් පහුයි දැන්.ගමයා එද්දි කෑම හදලා තියන්න ඕනේ නේද කියලා මතක් වෙලා ගෑණි රොටි හදන්න ගත්තා.අමුත්තා පිලට වෙලා රොටි සුවඳට ඉව අල්ලනවා. හාමිනේ රොටි 3ක් හැදුවා, හාමිනේට එකයි, ගමයට එකයි, පිලට වෙලා කෙල හලන එකාට එකයි.එතකොට වෙලාව 7.30යි.
8 වෙනකම් බැලුවා. වැස්ස එහෙම්මමයි. ගමයත් තාම ඕෆ්ලයින්. හාමිනේ දර කපන්නට ගෙට එන්න කියලා කන්න රොටියක් දීලා, ගමයගේ රොටිය මේසේ උඩින් තියලා තමනුත් රොටියක් කෑවා.ගම් වල කට්ටිය ඉක්මනට කාලා නින්දට යනවනේ. හාමිනේටත් දැන් නිදිමතයි. දර කපන්නට තේරුනා මේ වග. ඒත් මහ වැස්සේ කොහේ කියලා යන්නද? දර කපන්නා බයාදුවට හාමිනේගෙන් ඇහුවා පිලට වෙලා නින්දක් දාලා උදෙන්ම ඩිපාචර් වෙන්නද කියලා.හාමිනෙත් අකැමැත්තෙන් වගේ අනුමැතිය දුන්නා. පිල තෙමිලා එකසිය ගානට. දුක හිතුන හාමිනේ දර කපන්නට ගේ ඇතුලේ පැදුරක් දාල දීලා එයත් ආතල් එකේ ඇඳට නැග්ගා සැප නින්දක් දාන්න.
නින්දෙයි සැප නින්දෙයි වෙනස පුරුදු දර කපන්නා ටික වෙලාවකින් හාමිනේට කතාකරලා කියනවා, "අනේ හාමිනේ, බිම පට්ට සීතලයි. ඇඳේ ගොඩක් ඉඩ තියෙන නිසා මමත් ඇඳේ කොණක නිදාගන්නද?" පොඩි දේටත් හිත උණුවෙන හාමිනේ ඇඳේ ටිකක් එහාට වෙලා අපේ යාලුවටත් ඉඩ ටිකක් දුන්නා. වෙලාව දැන් 10ත් පහුයි.විනාඩි 5ක් ගියේ නෑ. එක පාරටම දර කපන්නට ආවා කක්කි අදහසක්.දර කපන්නා හාමිනේගෙන් අහපි, " හාමිනේ, ගමයා එයිද?". ඇඟ මැලි කඩපු හාමිනෙත් උත්තර දෙනවා, "අද නම් එන එකක් නෑ මයේ හිතේ" කියලා.තවත් විනාඩි 5කට විතර පස්සේ මූ ආයෙම අහනවා," හාමිනේ, ගමයා එයිද?" කියලා. තව ටිකක් හිරි ඇරපු හාමිනේ සුපුරුදු උත්තරේම දුන්නා,"අද නම් එන එකක් නෑ මයේ හිතේ" කියලා.
ආයෙම විනාඩි 5කින් මූ අහනව, " හාමිනේ, ෂුවර් එකටම ගමයා අද එන එකක් නැද්ද" කියලා.ඇඳෙන් බැහැපු හාමිනේ පිළිකන්නට ගිහින් මූත්‍රා පාරක් එහෙම දාලා ආයෙම ඇඳට නගින ගමන්, "අහන්න දෙයක් නෑ අනේ, අද කීයටවත් ඔය මිනිහා මෙච්චර රෑ වෙලා එන්නේ නෑ" කියලා උඩුබැලි අතට දිගෑදිලා ඇස් දෙක අඩවන් කරගත්තා.
අත් දෙක හොඳට එකට අතුල්ලලා, දෙවියන්ට පින් දීලා දර කපන්නා බැස්සා ඇඳෙන් බිමට. ගියා මේසේ ලඟට. ගත්තා ගමයට හදපු රොටිය.දොර ඇරගෙන කලුවරේම මහ වැස්සෙම දිව්වා රොටිය කන්න තැනක් හොයාගන්න…..

Tuesday, March 20, 2012

Girl in sinhala

නාමය : Girl

සංකේතය : Gl

පරමාණුක ස්කන්ධය : ඒක ගැන අහන්න හිතන්නවත් එපා

භෞතික ගුණ :
1.
ඕනෑම වේලාවක දුම් පිටවිය හැක.
2.
ආදරයෙන් අවධානය ලැබෙන විටදී ඉක්මනින් උණුවේ.
3.
වැරදි ලෙස පරිහරණයේදී තිත්ත රසක් ඇතිවේ.

රසායනික ගුණ :
1.
ප්‍රතික්‍රියා සීග්‍රතාව ඉහල අහයක් ගනී.
2.
උපරිම ලෙස අස්ථාවර වේ.
3.
රත්රන්, පැලැටිනම්, දියමන්ති, මැණික් සහ Branded වස්ත්‍ර සඳහා වේගයෙන් ප්‍රතික්‍රියා කරන අතර ඒවාට ඇති ආකර්ශන බලයද ඉහල වේ.

ස්වාභාවය :
1.
මුදල් නාස්ති කරයි.
2.
අතහැර දමා ඇති අවස්ථාවලදී දැඩි ශබ්දයක් නඟමින් ස්ඵෝටනය වේ.

භෞතික අවස්ථාවේදී සොයාගත හැකි ස්ථානය : කැඩපත ඉදිරියේ

Monday, March 19, 2012

ශ්‍රි ලංකා පොලිසිය ගැන ඔබ දැනගතයුතු දෑ

1. ඔබ පාරෙ ගමන් කරන විටතනි පොලිස් නිලධාරියෙක්ට ඔබව නැවැත්වීමට තහනම්.
එසේ නැවැත්වීමට උත්සාහ ගතහොත්නොනවත්වා යාමට ඔබට පුලුවන්.

2. 
තනි පොලිස් නිලධාරියෙකුට ඔබේ රියදුරු බලපත්රය රඳවා ගැනීමට තහනම්.

3. 
ඔබ වාහනයක ගමන් කරන විටකදීඔබේ ජාතික හැඳුනුම් පත හැර වෙනත් ලියකියවිලිඉල්ලා සිටීමට අයිතිය ඇත්තේ "රථ වාහන පාලක පොලිස් නිලධාරියෙකුට (Traffic Police)" පමණයි.

4. 
තනි Traffic පොලිස් නිලධාරියෙකුට ඔබට දඩ ගැසීමට හෝ චෝදනා කිරීමට නොහැකියි.ඔහුට අනිවාර්යෙන්ම සාක්ෂිකරුවෙකු අවශ්යයි.. පොලිස් නිලධාරියෙකුම විය යුතුයි..
(
 නිසා තමයි,හැම වෙලේම පාරේ traffic පොලිස් නිලධාරීන් දෙන්නෙක් එකට ඉන්නේ)

5. 
පොලිසිය යනු සාමය ආරක්ෂා කිරීමට කැපවුන බලකායකිආයුධ සම්පන්න බලකායක්නොවේ.ඔවුන්ට බැටන් පොල්ලක් හැර වෙනත් ආයුදයක් ලඟ තබාගැනීමට නීතියෙන්තහනම් කොට ඇත.
(
නමුත්පැවතුන යුධමය තත්වය නිසායුද්ධය අවසන් වනතුරු ඔවුන්ට තුවක්කු ලබාදීමටඅධිකරණයෙන් නියෝග කර තිබිණි.)
එමනිසාපොලිස් නිලධාරියෙක් ඔබට තුවක්කුවක් දිගු කලහොත් ඔහුට විරුද්ධව පැමිණිලිකිරීමට ඔබට අයිතියක් ඇත.

6. 
පොලිස් නිලධාරියෙකු ඔබට "බීමතින්රිය පැදවූ බවට චෝදනා කලහොත්බැලූන්පරීක්ෂාව(Balloon Test) කිරීමට ඉල්ලා සිටිය හැක අවස්ථාවේදී ඔවුන් සතුව එයනොමැති නම්ඔබට යාමට අවසර ඇත..

7. 
මහ මග ගමන් ගන්නා වාහනයක් නැවැත්වීමට අවසර ඇත්තේ traffic පොලිස්නිලධාරියෙකුට පමණයි..
(
 නිසා තමයි හමුදා check point වල එක පොලිස් නිලධාරියෙක් හෝ ඉන්නේ.. )

8. 
පොලිස් නිලධාරියෙකුට ලිඛිත උසාවි නියෝගයක් නැතිව ඔබේ නිවසට හෝ රැකියාස්ථානයට ඇතුළු විය නොහැකලිඛිත නියෝගය ඉල්ලා සිටීමට ඔබට සියලු අයිතිය ඇත.ඔවුන් ඇතුලු වීමට අවසර ඉල්ලා සිටියහොත් ප්රතික්ෂේප කිරීමට ඔබගේ කැමැත්ත අනුවඔබට හැක.

9. 
ඔබ සිදුකල වැරැද්දේ ස්වභාවයත්දණ්ඩ නීති සංග්රහයට අදාල නීති උල්ලංගනය කිරීමත්පිලිබඳව කියන තුරු traffic පොලිස් නිලධාරියෙකුට ඔබේ රියදුරු බලපත්රය ලබාගතනොහැකිය..
එසේ සඳහන් කිරීමට අපොහොසත් වන්නේ නම් ඔබට යාමට අවසර ඇත..

10. Traffic 
පොලිස් නිලධාරියෙකු ඔබේ බලපත්රය බලෙන් ලබාගෙනඑය නැවත ලබාගැනීමට පොලිස් ස්ථානයට එන ලෙස පැවසූ විටකයන්න එපා.....
කෙලින්ම පොලිස් අධිකාරියට හෝ ප්රාදේශීය පොලිස්පතිට පැමිණිලි කරන්න..
ඔබට,අදාල නිලධාරියාවඔහුගේ දුරාචාරය හා නොහික්මුණු හැසිරීම නිසා සේවයෙන් පහකරවීමට පුලුවන්..

11. (
කාන්තාවන් සඳහා), පොලිස් නිලධාරියෙකු ඔබේ නම,ලිපිනය,හැඳුනුම් පත,දුරකථනඅංකය ඉල්ලා සිටී නම් ඔබට  ඉල්ලීම ඉටු නොකිරීමට අයිතිය ඇත(ඔහු ඔබට හිරිහැරකිරීමේ අරමුණින් සිටින බව ඔබට හැඟේ නම් පමණක්).
ඔහුට ඔබව අත් අඩංගුවට ගැනීමට නොහැකඔබට පොලිස් නිලධාරිනියකගේ සහය ඉල්ලාසිටීමට අයිතිය ඇත..

12. (
කාන්තාවන් සඳහා), පොලිස් නිලධාරියෙකු ඔබව පරීක්ෂා කිරීමට අවශ් බව පැවසූවිටකඑය පොලිස් නිලධාරිණියක ලවා කරවා ගැනීමට ඔබට අයිතිය ඇතපොලිස්කාන්තාවක් නොමැති නම්ඔබට ඔවුන්ගේ ක්රියාව ප්රතික්ශේප කිරීමට අයිතිය ඇත.