Thursday, July 12, 2012

අතහැරීමේ පාඩම

දිනක් මහාචාර්‍ය වරෙයෙක් වතුර වීදුරුවක් අතින් ගෙන දේශන ශාලාවට පැමිණියා. පසුව වතුර වීදුරුව සිසුන්ට පෙන්වමින් මෙසේ අසා සිටින්නට වුවා.
 
දරුවනේ මේ වතුර වීදුරුව කොචිචර විතර බර ඇත්ද?
ගැමි 100, 200 ක් 500 ක්. සිසුන් විවිධාකාර පිළිතුරු ඉදිරිපත් කලා.
 
හරි දරුවනේ. මම දැන් මේ වතුරවීදුරුවදින් අල්ලගෙන අත දික්කරගෙනම හිටියොතින් මොකද වෙන්නේ? මහාචාර්යවරයා දරුවන්ගෙන් විමසා සිටියා.
 
මුකුත් වෙන්නේ නෑ. සිසුන් පිළිවදන් දුන්නා. හරි එහෙනමි මම මේ වතුර වීදුරුව මේ විදියටම තදින් අල්ලගෙන පැයක් පැය භාගයක් විතර උස්සගෙන හිටියොත් මොකක් වෙයිද?
 
ඒත් මුකුත් වෙන්නේ නෑ සර්. හැබැයි සර්ගේ අත රිදෙයි.
 
හරි දරුවනේ එහෙනමි මම මේ විදියටම මේ වතුරවීදුරුව තදින් අල්ල ගෙන දවසක්ම උස්සගෙන හිටියොත් මොකක් වෙයිද? මහාචාර්යවරයා දරුවන් විමසා සිටියා.
 
අපිට නමි මුකුත් වෙන්නේ නෑ. ඒත් සර්ගේ අත හිරි වැටෙයි. අතේ ලේ ගමනාගමනය නැති වෙලා අත පණ නැතිව යයි. සර්ට අංශභාගය හැදෙයි. සර්ගේ ආතතිය වැඩි වෙයි. සර්ට පිසසු හැදෙන්නත් පුළුවන්. යනාදි වශයෙන් සිසුන් විවිධාකාර පිළිතුරු ලබාදුන්නා.
 
ඉන් පසු මහාචාර්‍යවරයා දරුවන්ගෙන් විමසා සිටිනවා. ඔය කියපු විදියට වෙන්න මම මේ වතුර වීදුරුව උස්සන් ඉන්නකොට ඒකෙ බර වැඩි වුනාද? නැහැ නේ සර්. එහෙනමි කොහොමද එහෙම වෙන්නේ? සිසුන්ගෙන් පිළිතුරක් නැත. නිශ්ශබිධය. අතරින් එකෙක් මේසේ කෑ ගසනු ඇසිනි. ඔය අල්ලගෙන, උස්සන් ඉන්න ඔන්න ඕක බිමින් තියන්න සර්!!
 
මහාචාර්‍යවරයා මහත් සොමිනසින් දරුවන් ඇමතීය. අන්න හරි දරුවෝ. අපි යමක් තදින් අල්ලගෙන උස්සගෙන ඉන්නකොට තමයි ඒකෙන් අයහපත් ප්රතිඵල ඇතිවන්නේ. අයහපත් ප්රතිඵල අප විසින්ම අපේ මෝඩ කම නිසා ඇතිකර ගන්නා දේවල්. ඕනෑම දෙයක් තදින් අල්ලගෙන ඉන්න එපා අතහරින්න. උස්සන් ඉන්න එපා පැත්තකින් තියන්න. තියලා සැහැල්ලු වෙන්න. ඕනෑම දෙයක් ඒ වගේ තදින් අල්ලගෙන ඉන්නකොට තමයි දුක, හිරි වැටිම, රිදීම, ආතතිය වේදනාව වගේ දේවල් ඇතිවන්නේමේක නිසා පිස්සු පවා හැදෙන්න පුළුවන්. නිසා ඕනෑම දෙයක් අතහරින්න පුරුදු වන්න. එතකොට හැම විටම නැවුමි විදියට නැගී සිටින්නට පුළුවන් වේවි.
 
මහාචාර්‍යවරයාත් සිසුනුත් අතර ඇතිවුන සංවාදය තමයි ඕක. ඇත්ත වශයෙන්ම අවුරුදු 80 ක් මිනිසෙක් ජීවත් වනවා යැයි අප සිතුවොත්, මේ අවුරුදු 80 කාලය දින 365 න් වැඩි කල විට, ඔබේ අයු කාලය දවස් 29200 ක්. මේ දින 29200 ක් වැනි සුලු කාලයකින් ඔබේ ජීවිතයේ නිදාගන්නට යන කාලයත් අතහැරි විට ඔබට ජීවත් වන්නට ඉතිරිව ඇත්තේ කොපමණ නමි සුළු කාලයක්ද? මේ කාලය තුල ඔබ කොතරමි නමි දේවල් උමතුවෙන් මෙන් උස්සාගෙන් තදින් අල්ලාගෙන සිටිනවාද කියා මොහොතකට හරි සිතා බැලුවාද
 
අපි අපේ ආගම් සිතින් අල්ලාගෙන සිටිනවා, ජාතිය තදින් අල්ලාගෙන සිටිනවා, ශරිරයේ පාටත් තදින අල්ලාගෙන සිටිනවා. ධනවත් කමත් අල්ලාගෙන සිටිනවා, කුල පරපුරත් අල්ලාගන සිටිනවානමත් අල්ලාගෙන සිටිනවා, රටත් අල්ලාගෙන සිටිනවා, ගමත් අල්ලාගෙන සිටිනවා, අධ්යාපනයත් අල්ලාගෙන සිටිනවා, මව, පියා, සහොදරයෝ, ඥාතීන්, සමාජය, සන්ස්කෘතිය, දේශපාලනය, ආලය කරන අය, චිත්‍රපටි නලු නිලියෝ, යාන වාහන, ඉඩමි, ගේ දොර, විවිධ භාණ්ඩ ආදීයත් තදින් අල්ලාගෙන. අතීතයත් අල්ලාගෙන, අනාගතයත් අල්ලාගෙන, වර්තමාන මේ මොහොතත් අල්ලාගෙන.
 
මෙබදු ඉතා සුලු ජීවිත කාලයක් තුල මිනිසුන් තදින් අල්ලාගෙන, ඔසවාගෙන යන මහා බර පොදි කොපමණ නමි තිබනවාද? එක මොහොතකට ඔබ නැවතීමක් ගෙන මේ මහා බර පොදිය අත හැරලා සිතා බැලුවාද? මොකක්ද මේ මම ඇත්ත වශයෙන්ම කරන්නේ කියන කාරණාව. මම මේ  මහා බරක්වු කිසි ප්‍රයොජනයක් නැති, කුණු ගොඩක් ඔසවාගෙන දුකින් වේදනාවෙන් දඟල දඟල ඒමේ අත දුව යනවා. අතීතයෙත් මේ කුණු ගොඩ තරකර ගන්න, තව තවත් අසහනය වැඩි කර ගන්න මේ කුණු ගොඩටම තවත් කුණු එකතු කර ගන්න කොතරමි ක්රියාවන් සිදුකලාද? කොතරමි නමි වියරුවෙන් මෙන් දිව ගියාද? අනාගතයේ දීත් මේ කුණු ගොඩ තර කර ගන්න මම කොතරමි නමි දිවයන්නට සිතා සිටිනවාද? මේ වර්ථමාන මොහොත තුලත් සඳහාම නේද මම මේ දුකට පත්වෙලා සිටින්නේ. මේ මොහොතේ වත් මේ කුණු ගොඩ පසකින් තිබිබා නමි හොදයි නේද? කියා ඔබ අතරින් කී දෙනෙකුටද මොහොතකට හෝ සිතී තිබෙන්නේ.
 
එසේනමි මේ මොහොත ඒ සඳහා කාලයයි. ජීවිත කාලයක් පුරා තදින් අල්ලාගෙන ඔසවාගෙන මේ මහා බර පොදිය පසෙක තබා මදක් අවධානය යොමු කරන්න. නැවතත් අන් බරපොදියක් කෙරේ නෙමෙයි. බරපොදිය ඔසවාගෙන ඔබකෙරෙහිම. ඇත්තටම ඔබ ජීවත් වෙනවා කියන දෙයින් අදහස් කරන්නේ කුමක්ද? නැත්නමි ඔබ ජීවත් වනවා කියා අදහස් කරන දෙයි සැබෑ අර්ථය ඔබ දන්නවාද? මුළු ජීවිත කාලයක් පුරාවට ඔබ ජීවත්වනවා යැයි කියමින් කියනා කරනා සියළුම දේ මේ ආකාරයට වර්ගීකරණයක කලහොත් ඔබ එයට එකඟ වනවා දැයි බලන්න.
 
ඔබ ඇසින් ඔබට ප්රිය වූත් සතුට ගෙන දෙන්නාවුත් රූපයන් දකිනවා. රූපයන් නැවත නැවත බැලීම සඳහා රූපයන් නැවත නැවත ලැබීම සඳහා ක්රියාවන් කරනවා. අප්‍රිය වූ රූපයන් අදිය වේ නමි ඒවා මඟ හැර යාමට හෝ ඒවායින් මිදිමට අවශ්‍ය කටයුතු කරනවා. ඔබ කණින් ඔබට ප්රිය ශබිධයන් ඇසීමට ප්රිය කරනවා. ඒ ශබිධයන් නැවත නැවත ලැබීම පිණිස අවශ්‍ය කටයුතු කරනවා. ඔබට අප්රිය ශබිධයන්ගන් මිදීම සඳහාත් මේ අයුරෙන්ම කටයුතු කරනවා. මේ ආකාරයට නාසයෙන් ප්‍රිය වූත්, සොමිනස උපදවන්නාවුත් ගඳ සුවඳ විදිමට, දිවට රසවත් ආහාර ආදියෙන් ලැබෙන රසයන් විදිමට, ශරිරයට ප්‍රිය ජනක වු ස්පර්ශයන් ලැබීමට, ඒ වගේම මනසට සොමිනසක් ලබා දෙන අරමුණු සිතුවිලි ලබා ගැනිමට, එවා සොය සොයා යෑමට ක්‍රියා කරනවා. මේ කරුණු 06 ට භාහිරෙන් ඔබ ජීවත් වනවා කියා කරන්නාවු එකදු ක්‍රියාවක් හෝ ඇතිද යන්න ඔබ මදක් සිතා බලන්න. ඔබ බුද්ධිමත් නමි ඔබේ තර්කණ හැකියාව දියුණුයි නමි මේ කොටස 06 න් භාහිර ජීවත් වනවා කියා ඔබ කරනා එකදු හෝ ක්‍රියාවක් නැත් බව ඔබට දැන් පැහැදිලි විය යුතුයි. අපි ජීවත් වනවා කියා අතීතයෙත් කලේ මේ ක්‍රියාවලියම තමයි. අනාගතයට කරන්නෙත් මේ ක්‍රියාවලියම තමයි. වර්ථමාන මේ මොහොතේ කරන යමි දෙයක් වෙයිනමි එයත් මේ ක්‍රියාවලියට අයත් ක්‍රියාවක්ම තමයි.
 
අපි උදාහරණයකින් මේ කරුණ පහදා ගමු. ගැහැණියක් හෝ පිරිමියෙක් විවාහ දිවියට පත් වන්නේ ඇයි? පිරිමියෙකුගේ කොණයෙන් මේ කරුණ පහදා ගමු. ගැහැණියගේ රූපය පිරිමියාට ඉතාමත් ප්රියයි. ප්රිය ගැහැණු රූප අතරින් ඔබ වඩාත්ම ප්රිය කරනා ගැහැනු රූපය නැවත නැවත දැකිම තුලින් ලැබෙන ප්රිය භාවය ලැබීමටයි ඔබ විවාහයට පත් වන්නේ. ගැහැණියගේ ශබිධය ඔබට ප්‍රියයි. ඔබ ප්රිය කරන ප්රිය බාවය උපදවන ගැහැණු ශබිධය නැවත නැවත ලබන්නයි ඔබ ගැහැණියක් විවාහ කර ගන්නේ. බුදු රජාණන් වහන්සේ අංගුත්තර නිකායේ චිත්ත පරියාදාන වග්ගයේ දේශනාකර සිටිනවා "මහණෙනි, යමි රූපයක්, යමි ශබිධයක්, යමි ඝන්ධයක්, යමි රසයක්, යමි ස්පර්ශයක්, ගැහැණියගේ ස්පර්ශය මෙන් පුරුෂයාගේ සිත ඇදබැදගෙන සිටී නමි එවැනි වෙනත් එකද රූපයක්, ශබිධයක්, ගන්ධයක්, රසයක්, ස්පර්ශයක් මම නොදකිමි. කියා.
 
ඒ අර්ථය රහිතව වෙනත් අර්ථයකින් ගතහොත් ගැහැණියෙක් විවාහ කර ගන්නා පුරුෂයෙක් බලාපොරොත්තු වනවා තමාට ඒ ගැහැණිය රසට කන්නට කෑම බීම ආදිය සකස් කර දේවිය කියන කරුණ. තමාගේ ජීවිතයේ සෑම අවස්ථාවක දීම ලෙඩක දී දුකක දී පවා තමාට සුවදායක ස්පර්ශයන්ම ඇතිවන අයුරෙන් තමාට සහයට සිටීය කියන කරුණ. තමාගේ මනසට නිඹඳ සුවදායක අරමුණුම ඇතිකරාවිය කියන කරුණ. මේ ආකාරයට ජීවත් වීමට  තමයි පුරුෂයෙක් ස්ත්රියක් විවාහ කර ගන්නේ. අවම වශයෙන් දෙපළ ලබා ගැනීමේ අරමුණින්ම කරන විවාහයකදී වුවත් ඒ කාන්තාවගේ දේපළ නිසා මේ කලින් කියු ප්‍රිය රූප, ශබිධ ආදිය ඇති ජීවිතය තමාට ලබාගත හැකිය යන අරමුණ ඔහු තුල පවතිනවා. ස්ත්රීන්ගේ කෝණයෙන් බැලුවත් එය එසේමයි.
 
මේ ආකාරයට "ප්රිය වූත් සුඛ වූත් ජීවිතය" කියන බර පොදිය උස්සා ගන්නා මිනිසාට එය සිතූ පමණින්ම ලැබීමේ හැකියාවක් නැහැ. ඒ සඳහා මේ ජීවිත කාලය තුල. අධ්යාපනයක් ලබන්නට ඕන. හොද වැටුපක් ලබන රුකියාවක් හොයා ගන්නට ඕන. සඳහා අවුරුදු 20 ක් 25 පමණ කාලයක් ඉතා දුකසේ අධ්යාපනය ලබන්නට ඕන. පස්සේ විවාහයක් කර ගත් පසු විවාහ වුන අයගේ ඕනෑ එපාකම බලන්නට ඕන. සඳහා තවත් වෙහෙස වන්නට ඕන. දරුවන් ඇතිවිට ඔවුන්ගෙ කටයුතු කරන්නට ඕන. ඔය මොන දේ කලත් සමහර විට ඔබ බලාපොරොත්තු වන ප්රිය රූප, ශබිධ ආදිය ඔබට නැතිවි යන්නටත් පුළුවන්. එකක් හෝ ඔබ කැමති අයුරෙන්ම පවත්වන්ට ඔබට හැකියාවක ඇත්තෙත් නැහැ.
 
ගැහැණිය නමි බර පොදිය ඔසවා ගැනීමට ජීවිත කාලයක් පුරා අතීතයේ ඔබට කෙතරමි නමි බර පොදි ඔසවාගෙන ආතතියෙන්, දුකෙන්, වේදනාවෙන් කලය ගතකරන්නට සිදුවුවාද? බර පොදිය ඔසවාගත් පසු   බර පොදිය ඉදිරියටත් ඔසවාගෙන යාමට රුකුලක් ලෙස තවත් බර පොදි කීයක් ඔසවාගන්නට ඔබට සිදුවුවාද? අනුව අනාගතයේ දී ඔබ තවත් බර පොදි කියක් ඔසවාගත යුතුද?  
 
මේ කරුණ ඔබට පැහැදිලි වුවා නමි, මේ කරුණ කිවේ ඔබ විවාහ නොවිය යුතුයි යන්න කීමට නොවේ. විස්තර කරමින් පැමිණි කරුණ පැහැදිලි ලෙස විස්තර කර දීම සඳහායි. මේ ජීවිත කාලයක් තුල අප කැමති වුවත් අකමැති වුවත් විවිධාකාර වූ මේ බර පොදි අපට ඔසවාගෙන යාමට සිදුවනවා. බුදු දහම මෙය විස්තර කර දෙන්නේ "කර්මය" යන පදය භාවිතා කරමින්. ඒසේ වුවත් ඒ ඔසවාගෙන යන බර පොදි වලින් අපට නිදහස ලබන්නට හැකියාව ලැබෙන්නේ. මේ බර පොදිය තුලින් ඇතිකර දෙන දුක ආතතිය, දකින්නට පුළුවන් අයෙකුට පමණයි. මේ බරපොදිය දුකක් ආතතියක් ඇතිකර දෙන දෙයක් බව නොදකිනා තුරු නොදැනෙනා තුරු ඔහු එය බිමින් තැබීමට උත්සුක වන්නේ නැහැ. මේ දුක දකිනා අයෙකුට සමිමා දිටිඨියක් ඇතිවනවා මේ බර පොදිය මා පසකින් තැබුවොත් ඉතා යහපත්! ඉතාමත් යහපත් කියා.
 
එබදු අයෙකු තුල මේ බර පොදි වලින් මිදිමට අවශ්‍යතාවය නමි වූ නෛෂ්ක්‍රම්‍ය සංකල්පනාවන් උපදිනවා. මේ බර පොදි උසුලාගෙන තදින් අල්ලාගෙන දුක් විඳින සත්ත්වයින් දකින ඔහුට අනේ මා මෙන්ම මේ සත්ත්වයින් ඒකාන්ත වශයෙන්ම දුකට පත් වුවා!! දුකින් දුකටම පත්වුවා!! කියා තමා කෙරෙහිත් සත්ත්වයින් කෙරෙහිත් අවිහිංසා සංකල්පනාවන් උපදිනවා. කිසිම සත්ත්වයෙක් කෙරේ වෛරයක් ද්වේශයක් ඔහු තුල උපදිනනේ නැහැ. මේ ආකරයට ඔහු තුල අව්‍යාපාද සංකල්පනාවන් උපදිනවා මෙය ඔහු තුල සමිමා සංකල්පනාවන්ගේ ඇරඹුම වනවා.
 
මේ ආකාරයට සකල ලෝක සත්ත්වයාම පත්ව සිටින මේ දුක්ඛිත ඉරණම දෙස බුද්ධියෙන් විමස විමසා දකින ඔහු කිසි දිනකත් බොරුවෙන් දුකෙන් පිඩාවට පත්ව සිටින සත්ත්වයෙක් රුවටිම කරන්නේ නැහැ. දුක් පොදි ඔසවාගෙන, දුකෙන් පිඩාවට පත්ව සිටින සත්ත්වයෙකුට පරුෂ වචන පිසුන වචන භාවිතා කරමින් බැණවැදීම සිදු කරන්නේ නැහැ. මෙතරමි කෙටි කලක් ජීවත් වන, ඉනුත් වැඩි කලක් නිදා ගැනීමට වැය කරන, ඉතිරි කාලයෙත් දුකසේ බර පොදි ඔසවාගෙන ඒවා තදින් අල්ලා ගෙන දුක් විදිමින් සිටින සත්ත්වයිගේ කාලය කාදමන්නවු, ඔවුන් මුලාවට පත් කරන්නාවු, ඔවුන්ගේ ප්රඥා ඇස වසා දමන්නාවු, ලාමක වූ සමිමප්ප්රලාප කීම සිදුකරන්නේ නැහැ. මේ අයුරෙන් ඔහු තුල සමිමා වාචාව පිහිටියා වෙනවා.
 
මෙ වැනි තමා උපමා කර අනුන් ගැන සිතන්නාවු අතූපනායික ධර්ම ක්‍රමයට බැසගත් පුද්ගලයා කිසි කලකත් දුකට පත්වු සත්ත්වයෙක් අතිශය දුකට පත්කිරිමක් බදුවු ඒ සත්ත්වයාගේ ප්‍රාණය නිරුද්ධ කිරිමක් කිසි කලකත් කරන්නේ නැහැ. තවත් සත්ත්වයෙක් ඉතා ප්‍රිය කරන්නාවු ස්ත්‍රි පුරුෂ වු කාම වස්තූන් සොර සිතින් පහැර ගැනිම හෙවත් කාමමිත්‍යාචරය සිදුකරන්නේ නැහැ. කසි කලෙකත් දුකින් අන් සත්ත්වයින් ඔසවාගෙන සිටින බරපොදියක් පැහැර ගැනිම නමි සොරකම සිදුකරන්නේ නැහැ. එබදු ක්‍රියාවලින් ජීවිකාව පැවැත්වීම කරන්නේ නැහැ. මේ ආකාරයට ඔහු තුල සමිමාකම්මන්තය හා සමිමා ආජිවය පිහිටියා වනවා.
 
මෙසෙ දැහැමින් අන් සත්ත්වයාගෙ දුක දකිමින් ජිවත් වන පුද්ගලයා තුල මේ දුකෙන් මිදිමේ අවශ්‍යතාවය ඒකාන්ත වශයෙන්ම ඇතිවනවා. ඔහු දුකින් මිදිමට යමි නුවනැති පුරුෂයෙක් කල යුතු විර්යක් වේ නමි, ඒ විර්‍යය යොදවා මේ ඔසවාගෙන සිටින බරපොදි පසකින් තැබිමට අවශ්‍ය පරිසරය සකසා ගැනීමට උත්සුක වෙනවා. සඳහා නොපසුබට උත්සාහයක් යොදනවා. මෙසේ ක්‍රියාකරනා පුද්ගලයා තුල සමිමා වායාමය පිහිටියා වනවා.
 
මේ උත්සාහයෙන් යුතු පුද්ගලයා තුල මේ වෙන්නේ මොකද්ද යන්න පිළිබඳවත් මේ සත්ත්වයින් පත්ව සිටින දුක පිළිබඳවත් අවභෝධයක් පවතිනවා. ඔහු ප්රඥාවන්ත අයෙක්. දුක දන්නා අයෙක්. මේ දුකින් මා ඒකාන්ත වශයෙන්ම මිදිය යුතුයි කියනා සමිමා වායාමය ඔහු තුල පවතිනවා. මේ දුක් ගෙන දෙන මහා බර දුක් බපොදි ගැන විරාගයක්, කලකිරීමක් පවතිනවා. සියල්ල අතහැර දැමීමට අතිශය උවමනාවක් චන්දයක් පවතිනවා. සඳහා ඔහු සිහිය මෙහෙයවනවා. මේ ඔහු තුල සමිමා සතියේ පිහිටීමයි. තව තවත් මේ දුකේ ගැඹුරට අධ්යානයේ යෙදෙනවා. මේ බර පොදි සියල්ලම මහා දුක් පොදි බව ඔහු වටහා ගන්නවා. මේ දුක් පොදි බිමින් තබා ගැනිමට තමාට නොහැකිව ඒමේ අත දුව යන්නේ නැවත දුකටම පත්වන්නේ මේ දුක් පොදි තදින් අල්ලාගෙන ඔසවාගෙන සිටිම නිසා බවත් මේ දුක ඇතිකර දෙන හේතුව වන පංචඋපාදානස්කන්ධය ඔහු දකිනවා. දුක් පොදි බිමින් තැබිමට නොදෙන හේතුව ප්රහීන කිරිමට පිළියමි උපක්රම යෙදිමි වශයෙන් ඔහු ආර් අශ්ඨාංගික මාර්ගය තුල ගමන් කරනවා. ඔහු සතිය දියුණු කරමින් ඔහුගේ අතීතයේ දුක් පොදියත් බිමිත් තබනවා. අනාගතයේ ඔසවන්නට සිතා සිටින දුක් පොදියත් අතහැර බිමින් තබනවා. වර්ථමාන මේ මොහොතේ මේ දුක් පොදියත් අතහැර දමනවා. අතීත අනාගත වර්තමාන යන කාලාත්රය අතහැරීම තුලින් ලබනා ශුණ්යතාව නමි වූ සැනසීම ඔහු අත්දකිනවා. සැනසීමත් ඔහු අල්ලා ගන්නේ නැහැ. සියළුම අල්ලා ගැනිමි ඔසවා ගැනීමි දුකක් බව ඔහු දැන් දන්නවා. සැනසීම අල්ලා ගැනිම තුලින් ඇතිවන්නේත් දුකක්ම බව දැක සැනසීම ගැනත් සොයා බලනවා. ඒ තුලත් ඇත්තේ ඒකාන්ත වශයෙන්ම දුකම ඇතිකර දෙන වේදනා, සංඥා, සංස්කාර, විඥාන ආදී දුක් පොදි 04 ක් බව ඔහු ප්රඥාවෙන් දකිනවා. දැක ඒ දුක් පොදි 04 ත් ඔහු අතහැර දමනවා. නැවත්  අතහැරීම තුලින් සැනසෙන ඔහු ඒ සැනසීමත් අල්ලා ගන්නේ නැහැ. එයත් අතහැර දමනවා. අතහැරීම යන්නත් අල්ලා නොගන්නා ඔහු අතහැරීමත් අතහැර දමනවා. ඒ තුලින් ඔහු ඒකාන්ත සැපත වු සියල්ල අතහැර දැමීම තුලින් ලබනා පරම සැපත වූ නිර්වාණ පදය සාක්ෂාත් කරනවා ඇති.
 
මේ ආකාරයට ඔහු තුල සමිමා සමාධිය පිහිටියා වනවා. ආර්‍යශ්ඨාංගික මාර්ගය සමිපුර්ණ කලා වනවා. මේ මඟ හැර අන් මඟකැ නැති බව ඔහු ප්‍රත්‍යක්ෂ වශයෙන්ම දැන ගත් පුද්ගලයෙක් වනවාමේ අකාරයට උත්තරීතර සැනසීමක් යමෙක්ට උදාකර ගන්නට අවශ්‍ය වන්නේ නමි. ඉන්දන බලයෙන් මේ අත දුව යන යන්ත්රයන් මෙන් මේ සංසාරයා පුරා දුව යන මේ ගමන මදකට නවතන්න. ඔබ දෙසටම අවධානය යොමු කරන්න. ඔබ නියත වශයෙනම සැපයට පත්වුවේක්ද යන්න සිතා බලන්න. සේ නැතිනමි ඔබ දුකට පත්ව සිටින   ඔබ තදින් අල්ලගෙන සිටින ඔසවාගෙන සිටින බර පොදි දෙස බලන්න. දැන් එය බිමින් තබන්නට කාලයයි. සතිය දියුණු කිරිමට කාලයයිසියළු බර පොදි බහා තැබීමෙන් වන උතුමි වු සැනසීම හැකි ඉක්මනින් පහසුම ප්රතිපදාවෙන් ඔබටත් අත් වේවා!!
 
''අපාරුතා තෙසං අමතස් ද්වාරා; යෙ සොතවන්තො පමුඤ්චන්තු සද්ධං"
 
යමිකෙනෙක් කන් ඇත්තෝ නමි ශ්රද්ධාව මුදත්වා. අමෘතයයි කියන ලද නිවන් දොරටුව නමි වු ආර්යමාර්ගය විවෘත කරන ලද්දෝය.
 

No comments:

Post a Comment